Headlines

    ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය

    පසුගිය රජය සමයේ සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් අද (05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මෙම…

    Read More

    දැනෙන්න අඩුවෙන ජල ගාස්තුව

    සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය. ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව සඳහන්ය. ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි…

    Read More

    ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

    විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් නිල ණයහිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුම්කට එළඹීමෙන් අනතුරුව ජපාන රජය…

    Read More

    රජය වී මිල දැනුම්දෙයි

    වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය. කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා, “අපි මිලදී ගන්නේ වියළි…

    Read More

    නිදහස් දිනයට සියල්ල සුදානම් – විශේෂ රථවාහන සැලැස්මකුත්

    හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ. අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ හෙට දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවය. ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින්…

    Read More

    ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්

    ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…

    Read More

    රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට අයවැයෙන් රුපියල් බිලියන 90ක්

    රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය සේවයේ පරිවර්ථනීය වෙනසක් වෙනුවෙන් ඉදිරියේ දී පියවර රැසක් ගැනීමට නියමිත බවය. “සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක්…

    Read More

    රජය සතු වත්කම්වල නිවැරදි විගණනයක් මේ දක්වා සිදුකර නෑ – විගණකාධිපති

    රජය සතු වත්කම් සම්බන්ධයෙන් නිවරදි විගණනයක් මේ දක්වා නිසි ආකාරයෙන් සිදුව නොමැති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී නිසි අයුරින් ඉටු නොකිරීම හේතුවෙන් මෙවැනි අර්බුද මතුව ඇති බවය. කර්මාන්ත අමාත්‍යාංශය මඟින් කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විගණකාධිපති ඩබ්ලිව්. පී….

    Read More

    වසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව ක්‍රියාත්මක වෙයි

    නව රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමිනි. 2024 වසරේ ඩොලර්…

    Read More

    අදානි සමග ඇති ගිවිසුම් අවලංගු නොකරන බව රජය කියයි

    අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.  එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. අමාත්‍යවරයා පැවසුවේ එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බවය. අද…

    Read More