Headlines

    ඖෂධවලට උපරිම සිල්ලර මිලක්?

    ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා…

    Read More

    කොවිඩ් – 19 නව ප්‍රභේදයක් අමෙරිකාවේ

    කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවය. වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

    Read More

    වසරේ ගතවූ මාස 6 තුළ මී උණ රෝගීන් 5,000ක්

    වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසය. වෙල් උණ, පතල් උණ හෝ මඩ උණ ලෙසින් හැඳින්වෙන මී උණ රෝගය වෛද්‍ය විද්‍යාවට අනුව නම් කර…

    Read More

    මස් කන බැක්ටීරියාවක් නිසා ජපානය සලිත වෙයි

    මාංශ පේශි විනාශ කරන බැක්ටීරියාවක් මේ වන විට ජපානයේ සීග්‍රයෙන් පැතිරයන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම “මස් කන” බැක්ටීරියාව හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි. නමුත් මෙම රෝගී තත්ත්වය පැතිර යන හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ වික්ෂිප්ත වී සිටියි. 2024 ජනවාරි සිට ජූනි මාසය ආරම්භ වනවිට එවැනි…

    Read More

    මොකක්ද මේ mpox ?

    mpox නම් වෛරස් රෝගය වැළඳුනු තවත් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ මියගොස් තිබේ. ඒ එම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බව වාර්තා වෙයි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් ය.  මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය. මීට පෙර මෙම වෛරස…

    Read More

    ඩෙංගු අධි අවදානම් තත්ත්වය ඉහළට

    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන්…

    Read More

    ඩෙංගු හිස ඔසවයි

    මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, පාසල් බොහොමයක මඳුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවය. “ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි දැක්කා 2023 වර්ෂයේ අග භාගය වෙන විට…

    Read More

    SAITM සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල් ගැන තීරණයක්

    දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සිදුකිරීමට අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව සඳහන් වේ.

    Read More

    කිලිනොච්චියට කාන්තා සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක්

    කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) විවෘත කෙරුණි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය කර තිබේ. නෙදර්ලන්ත රජය විසින් මේ සඳහා අරමුදල් සපයා ඇත. දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන…

    Read More

    කරාපිටිය ශික්ෂණ රෝහල තෙවැනි ජාතික රෝහල බවට පත්කෙරේ

    කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. මේ වනවිට ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස ඇත්තේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් පමණි. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක්…

    Read More