Hot News
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට…
සුනිල් ජයරත්න ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස පත්කෙරේ
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා ව පත්කර තිබේ. ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත. සුනිල් ජයරත්න මහතා වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද…
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ
පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය….
ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති ධුරය ආචාර්ය මොතිලාල්ට
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි. වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී…
රට පුනරුදයකට රැගෙන යන ගමන ආරම්භ කර ඇති බව ජනපති කියයි
කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවය. රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. “අපේ රට…
කැනඩාවේ සයිබර් අවදානම් ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කරයි
සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ. ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමිනි. ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි. මේ අනුව කැනේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට…
තානාපති සේවයට පත්කර ඇති දේශපාලකයන් යළි කැඳවනවා – ජනපති
මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ ඊයේ (03) පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා සියලු ජාතීන්ගේ ද සහාය හිමි පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “නොවැම්බර් 14 මහ මැතිවරණය…
හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට
පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (3) සමත් විය. අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු…
සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අඩුවෙයි
අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පෙන්වාදෙයි. කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024…
ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ගැටලු රැසක්?
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවය. ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල්…