Hot News
ලංකාවට ආ අප්‍රිකානු සුකර උණ
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය. පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක…
ෂන්ටෝ නායකත්වය අත්හැරීමට සැරසෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂන්ටෝ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. පසුගිය වසරේදී නොවැම්බර් මාසයේදී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ ෂන්ටෝ, පසුව එරට එක්දින හා විස්සයි20 කණ්ඩායමේද නායකයා ලෙසින් පත්කළේය. කෙසේ නමුත් නායකත්වයට පත්වීමෙන් පසු ඔහුගේ පිතිකරණ දක්ෂතා කැපී පෙනෙන ලෙස ඉස්මතු නොවුණි. ඒ හේතුවෙන් ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී…
වත්මන් ජනපති සහ තමන් අතර වෙනස සසඳන රනිල්
තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට අද (27) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ. පලපුරුදු අය…
නිමක් නැති ඔන්ලයින් ජාවාරම් ගැන තවත් අනාවරණයක්
අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් රට තුළ සිදුවෙමින් පවතී. අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වුණි. කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට පත්වුණි….
පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයක්
පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක අංශ මුරපොළකට එම ප්‍රහාරය එල්ලකර තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් Tehreek-e-Taliban Pakistan නම් ත්‍රස්ත කණ්ඩායම වගකීම භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු බව ජනපති කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු ව තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කර…
ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු වෙනුවෙන්…
රුපියල් මිලියන 200ක අම්බර් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
අම්බර් කිලෝග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් රාගම ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. ගුවන් හමුදා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ‘දුර්ලභ තල්මස් වමනය’ ලෙසින් හඳුන්වනු ලබන මෙම අම්බර්ග්‍රිස් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ බව පොලීසිය පැවසීය.
ඩිජිටල් කලාප ඇති කිරීමට රජයේ අවධානය
රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියාසිටියේ වර්තමාන රජයට මෙරට ඩිජිටල්කරණය කිරීම…
කොළඹ සහ වන්නි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගනී
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (25) සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 23වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටවා තිබුණි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…