Hot News
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද
අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…
මහ බැංකුවෙන් අපනයනකරුවන්ට සුබ ආරංචියක්
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ. සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ…
ජනපති අපේක්ෂක විවාදයට ආ දිලිත් – මේකම විතරක් ඇති මට ඡන්දෙ දෙන්න
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණි සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් ඊයේ විවාදයට සහභාගි වන බවට දැනුම් දුන්නත් ඒ සඳහා එක්ව සිටියේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පමණි. ”රට ගොඩනගන්නේ කෙසේද” යන මැයෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සඳහා මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ සජීවී…
සිමෙන්ති සෙස් බද්ද පහළට
ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවය. මෙම අඩුකිරීම සැතැම්බර් මස 06 වනදා සිටි ක්‍රියාත්මක ය.
වරද පිළිගත් ජනපති පුතා
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව පිළිගෙන තිබේ. ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බවත් පිළිගත් බව වාර්තා විය. ඒ අනුව, හන්ටර් බයිඩන් ට වසර 17ක සිර…
රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවතට
රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී…
ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව සියලු සේවකයින් සඳහා ඡන්දය ලබාදීමට හැකිවන පරිදි නිවාඩු ක්‍රියාත්මක වන බවය. ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝමිටර් 40 හෝ ඊට අඩු…
ජයග්‍රහණය ලබපුවහම අනුර කරන දේ
වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පවසන්නේ සිය ජයග්‍රහණයෙන් අනතුරුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවය. ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය….
මැතිවරණ නීති කැඩු 22ක් අත්අඩංගුවට
ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා පැවසුවේ එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවය. “මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා…
මහින්ද යුගය සිහිකළ නාමල්
රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවය. වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. “අද බොහෝ අය…