Hot News
ශිකර් ධවාන් ක්‍රිකට් පිටියෙන් සමුගනියි
වසර 14ක කාලයක් පුරා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමස්ත ක්‍රීඩා පිටියෙන්ම සමුගන්නා බව පෙරෙදා (24) නිවේදනය කළේය. ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි20 තරග රටා ත්‍රිත්වයේම කැපීපෙනෙන පිතිකරුවෙකු වන, මේ වනවිට 38වන වියේ පසුවන ධවාන්, ජාත්‍යන්තර ලකුණු දස දහසකට (10,867) වඩා රැස්කර ඇත. ඊට ශතක 24ක් හා අර්ධ ශතක 55ක්…
දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි
මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය. මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර…
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදක්වනු ලැබීය. ඒ, ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද පැවති උත්සවයකදීය. ඊට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එක්ව සිටි අතර, උත්සවය ආරම්භ කෙරුණේ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙනි. අනතුරුව උත්සව සභාවට පැමිණි…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවයි
2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇත. ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද…
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් ඡන්ද දායකයින්ට පණිවුඩයක්
එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව…
ඉරාන ජනපති ගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි
අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කර තිබේ. එහි දැක්වෙන්නේ එම යානය අයහපත් කාලගුණය සහ යානය ට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් එය අනතුරට පත්වූ බවයි. පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි. එම අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික…
ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කරයි
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය අණපනත් මේ වන විටත් සකස් කර අවසන් බවය. දේශයේ අනාගතය ගොඩනැංවීම යන තේමාව යටතේ පැවති සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ හමුවේදී ඉදිරිපත් වු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…
මහින්දගේ විශ්වාසය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව කටයුතු කරන පාර්ශ්වයන් ට ඉදිරියේ දී යළි පක්ෂය වෙත පැමිණීමට සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් පටු දේශපාලන වාසි තකා සිය පක්ෂයට සහාය නොදක්වා වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට කටයුතු කරමින් සිටින බවය. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ සමාරම්භක…
රියදුරු බලපත් අවලංගු කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසන්නේ එවැනි රියදුරු බලපත් අවලංගු කිරීමක් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ…