Hot News
ග්‍රැහැම් තෝර්ප් සිය දිවි නසාගත් බවට අනාවරණයක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වූ ග්‍රැහැම් තෝර්ප් ගේ අභාවය සියදිවි නසා ගැනීමකින් සිදු වූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බව තෝර්ප්ගේ බිරිඳ අමන්දා විසින් හෙළිකර ඇති අතර, ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහු මානසික පීඩනයකින් පසුගිය කාලය පුරාවට දුක්විඳි බවයි. වසර දෙකකට ආසන්න කාලයක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි තෝර්ප් ඉකුත් 05 වැනිදා අභාවප්‍රාප්ත…
ඇප තැබූ පිරිස 32ක් දක්වා ඉහළට
අද (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවය. වෙනත් දේශපාලන පක්ෂ 01 සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වේ. අදාළ නිවේදනය…
අනුර නාමයෝජනා අත්සන් තබයි
එළැඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභිකයින් කිහිප දෙනෙක්ද සහභාගි වූහ. මෙම අවස්ථාවෙන් අනතුරුව…
ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව චමරි
ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. එහිදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන ස්මිත්‍රී මන්ධනා සහ ශෆාලි වර්මා ගෙන් ඇයට දැඩි තරගයක් එල්ල්වුණි. පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර ඒ සඳහා චමරි ගෙන් විශාල දායකත්වයක්…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
දේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්…
වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහි වුණේ නෑ – පලනි දිගම්බරම්
තමන් කිසිවිටකත් වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට එරෙහිව කටයුතු නොකළ බව කම්කරු ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරයා සහ මනූෂ නානායක්කාර මහතා වතු සේවක ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවය. හැටන් නගරයේ පැවති රැස්වීමක දී පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. වතු සේවකයින්ගේ වැටුප් වැඩීකිරීමට එරෙහිව පලනි දිගම්බරම්…
ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි ගැන තීරණයක්
ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවය. මහනුවර නගර සංවර්ධන…
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය අදින් ඇරඹෙයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය අද (10) ආරම්භ වෙයි. ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද පස්වරු 6.06ට යෙදෙන සුබ මොහොතින් වීථී සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් සංවිධානය කරනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය මෙරට සංස්කෘතියේ වැදගත් අංගයකි. පෙරහැර මංගල්‍යයට වෙනුවෙන් කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු…
මැතිවරණ සලකුණු මෙන්න
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළව ඊයේ (09) දිනයේ ද පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව…
විජයමුණි – වඩිවේල් සහ විමලවීර රනිල් දිනනවාට කැමැත්තෙන්
සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව බිබිල නගරයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය. එමෙන්ම හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය…