Headlines
    සිව් වසරකට පසු දිවයිනට ආ අමුත්තා

    සිව් වසරකට පසු දිවයිනට ආ අමුත්තා

    වසර 04 කට පසු තායි එයාර්වේස් ගුවන්යානයක් දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එම ගුවන්යානය පැමිණ ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේය. ගුවන් යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය. ඒ අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර…

    Read More
    විමල් නිදොස්කොට නිදහස්

    විමල් නිදොස්කොට නිදහස්

    ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ. ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ දීය.  විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේ ඔක්තෝබර් මස 23 දින අක්‍රීය ගමන් බලපත්‍රයක් රැගෙන…

    Read More
    2024 මැතිවරණ ගැන ඉඟියක්

    2024 මැතිවරණ ගැන ඉඟියක් 

    මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිසමට දැනුම්දුන් බවයි….

    Read More
    ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

    ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

    අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති,  මුදිත පීරිස් මහතා මේ බව පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව…

    Read More
    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ. කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය. මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා මියගොස් ඇති බවට අල්ජසීරා පුවත් සේවය සිදුකළ අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

    කෙසේවෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවට මේ දක්වාත් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

    මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු හමුදාව සමග එක්නොවන ලෙස දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    මේ අතර යුක්‍රේන හමුදාවේ සේවය කරමින් සිටිය දී කපිතාන්වරයෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී තොරතුරු වාර්තා වුණි.

    Read More

    පරිප්පු සහ සිනි මිල අඩු කිරීමට තීරණයක්..

    පරිප්පු සහ සීනි මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව සතොස සහ සමුපකාර අලෙවිසැල් හරහා පමණක් අඩු මිලට පරිප්පු හා සීනි මිලදී ගැනීමට පාරිභෝගියන්ට අවස්ථාව හිමිවන බව අලගියවන්න මහතා සඳහන් කළේය. මෙම සහනය මාසයක් තුළ ක්‍රියාත්මක කරනු ඇති අතර පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 175කට අඩු මිලකට ලබා දීමට…

    Read More

    ලෙබනන ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක්..

    ලෙබනනය දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක්වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ එරට තුළ පවතින ඩොලර් හිඟය හමුවේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාස 18ක කාලයක් තිස්සේ ලෙබනන තුළ පැවැති විනිමය හිඟය හේතුවෙන් නිෂ්පාදන කර්මාන්ත ශාලා, වෙළඳසැල් ඇතුළු ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් රැසක් ඇණහිට ඇති බවයි. එරට බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි ව ඇති බව සඳහන්ය. ඒ හේතුවෙන්…

    Read More

    කැළඹුණු කාළගුණය – අදත් ප්‍රදේශ රැසකට වැසි..

    දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(11) දිනයේ විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්මේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත් බස්නාහිර හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බවත්…

    Read More

    “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

    “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කළේය. ඒ අනුව දීපව්‍යප්තව පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරුණේ හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේදී ය. මෙම ජාතික වැඩසටහන මඟින් පොල් ගෙඩි මිලියන 2,800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3,600ක් දක්වා වර්ධනය…

    Read More

    කර්මාන්ත ශාලාවක ගින්නකින් 52ක් මරුට..

    බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 52නෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 08 වන දා හටගත් මෙම ගින්නෙන් මේවන විට පුද්ගලයින් 50 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශයේ කාර්මික නගරයක් වන රුප්ගන්ජ් හි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවයි. ගින්නට හේතුව තවම සොයාගෙන නොමැති…

    Read More