මිනුවන්ගොඩ ඇඟලුම් මනාලිය බලන්න ගිය 14ක් නිරෝධායනයට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන තරුණියක බැලීමට විවාහ යෝජනාවකට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයට ගිය බියගම  සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි තරුණයකු ඇතුළු දාහතරදෙනකු පී.සී.ආර්. පරීක්ෂණ කර ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසිය. කලින් කතා කරගත් පරිදි තම නෑදෑ පිරිස සමඟ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මනාලියක් බැලීමට ඉතුත් 2 වැනිදා ගිය මෙම පිරිස…

Read More

කොරෝනා සුව කරන දේශීය ඖෂධය හදුන්වා දෙයි..

කොවිඩ් – 19 වෛරසයට එරෙහිව නව ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධයක් ‘සුව ධරණි‘ නමින් මහජනතාවට හඳුන්වාදීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයෙන් (12) සිදු කෙරිණ. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඖෂධය වෙළදපොළට හදුන්වාදීම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී…

Read More

නිලධාරීන්ට පහර දී නිරෝධායන පිරිසක් පැන යන්න හදයි.. නිලධාරීන් වෙඩි තබයි..

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ. එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය සදහන් කරයි. මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබිණි. රැදවියන්ගෙන් පහරකෑමට…

Read More

මහනුවර ගලගෙදර පැත්තක් LockDown..

මහනුවර ගලගෙදර දෙහිදෙනිය පොලිස් බල ප්‍රදේශයේ කොටසකට සංචාරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. අදාල ආසාදිතයා කටුපොත ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන ආයතනයක සේවකයෙකි. ඔහුගේ ආශ‍්‍රීතයන් 58 දෙනෙකු ස්වයං නිරෝදානයට ලක්කර ඇත. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More