Headlines

    අනුරාධපුරයේ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්

    ඒඩ්ස් රෝගය වැලඳුනු පුද්ගලයින්ගේ වර්ධනයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පෙන්නුම් කරන බව ලිංගාශ්‍රිත රෝග සහ HIV මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා  පවසයි. ඔහු පැවසුවේ, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා, “අපිට ගිය වර්ෂයේ 21ක් වගේ තමා වාර්තා වුණේ….

    Read More

    පළාත් කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර…

    Read More

    මගී බස් 2ක් මුහුණට මුහුණ ගැටෙයි – 28ක් රෝහලේ

    අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල මෙම අනතුර සිදුවී ඇත. තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.   තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස්…

    Read More

    සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ – ජනපති

    සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

    Read More

    CIDයට ප්‍රකාශයක් දීමට ජොන්ස්ටන් සුදානම්

    පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

    Read More

    පෙත්සම් 2ක වගඋත්තරකරුවකු ලෙස රනිල් ව නම් කිරීමට අවසර

    2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (22) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම අවසරය…

    Read More

    පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නේ නෑ – ශ්‍රී ලංකා කතෝලික සභාව 

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් ඒ බව…

    Read More

    ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ. ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශ විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ,  1991 අංක…

    Read More

    ගම්මන්පිලගේ වුවමනාව ඇමති විජිත හෙළිකරයි – කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැති බවත් කියයි

    කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය. අද (22)…

    Read More

    කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

    නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය “විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව එම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘති‌යේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම…

    Read More