Headlines

    චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට අලුත් අධ්‍යක්ෂ මණ්ඩල

    ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.   ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩල පත්කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (18) පැවැති රැස්වීම් සභාව…

    Read More

    බලපත්‍ර සහිත ගිනිඅවි භාරදෙන්නැයි නිකුත්කළ නිවේදනයට එරෙහිව අධිකරණයට පෙත්සමක් 

    ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක…

    Read More

    ආදායම් බදු ගෙවීම ගැන විශේෂ දැනුම්දීමක්

    ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව…

    Read More

    වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ගැන දැනුම්දීමක්

    වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එය ක්‍රියාත්මක…

    Read More

    ඇල්පිටිය තැපැල් ඡන්දය අදින් අවසන්

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙතෙක් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට ඒ සඳහා අද දිනයේ අවස්ථාව සලසා දී ඇති බවය. ඒ අනුව තමන්ගේ සේවා ස්ථානයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලුම තැපැල් ඡන්ද දායකයින්…

    Read More

    ඔස්ට්‍රේලියාවේ මානුෂීය නවෝත්පාදන වැඩසටහනක තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ මහිම හේරත් ට

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සංවිධාන කළ 2024 Humanitarian Innovation Pitch වැඩසටහනේ තුන්වන ස්ථානය දිනාගැනීමට මහිම හේරත් සමත්වී තිබේ. ඔහු  Griffith විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ජෝර්දානයේ Zaatari සරණාගත කඳවුරේ සිටින සිරියානු සරණාගතයින් 7,000කට පමණ ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශයක් ඔහු එහිදී ඉදිරිපත් කර තිබුණි. මෙම වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල රැසකින් සිසුන් ඉදිරිපත්වී ඇති අතර…

    Read More

    අගමැතිනිය සරසවි සිසුන් සමග සාකච්ඡා කරයි

    විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රැසක් පිළිබඳව ද අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය. ඊයේ (17) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය…

    Read More

    වැලිකඩ බන්ධනාගාරය පිළිබද සැකසූ අසත්‍ය වීඩියෝවට එරෙහිව පැමිණිල්ලක්

    වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බවට වන වීඩියෝවක් පසුගිය 15 වැනි දින යූටියුබ් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි. මේ පිළිබඳ කරුණු දක්වමින් බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ මෙය අසත්‍ය වීඩියෝවක් බවය. එමෙන්ම ජනාධිපතිවරයා විසින් මෑත කාලයේ…

    Read More

    ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක බදු වැඩි කෙරේ

    ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට පියවර ගෙන ඇත. ඔක්තෝබර් 14 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාවට අදාළව මෙම නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක ය.    ඒ අනුව සම්පූර්ණ සහ…

    Read More

    ඌරන් අතර හඳුනා නොගත් මාරාන්තික වෛරසයක්

    අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඌරන් මෙම හඳුනා නොගත්  වයිරස රෝගයට ගොදුරු ව තිබේ. ගොවිපොළ හිමිකරුවන් පවසන්නේ, රෝගය වැළඳී දින දෙකක් තුළ එම සතුන් මරණයට පත්වන බවය. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළ 20ක පමණ පැතිර ගොස් තිබේ. ගොවිපොළ හිමිකරුවන් චෝදනා පැවසුවේ මෙම රෝගය හේතුවෙන් ඌරන් විශාල සංඛ්‍යාවක් මියගොස්…

    Read More