Headlines

    නාමල් ට ඇති එකම අභියෝගය කියයි

    මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි. අලි – මිනිස් ගැටුම අවසන් කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවද වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

    Read More

    අනුරගෙන් ධීවරයින්ට පොරොන්දුවක්

    තම රජයක් යටතේ ධීවරයින්ට ඩීසල් සහනාධාරයක් ලබාදී ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    Read More

    රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි – සජිත්

    රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට ගෙනආ එකම පක්ෂය තම පක්ෂය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බද්දේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

    Read More

    ඡන්ද පෙට්ටි මාරු කළ හැකිද?

    ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය. එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම,…

    Read More

    රට ගොඩගත හැක්කේ දිලිත්ගේ සැලැස්මෙන් පමණයි – ගාමිණී වලේබොඩ

    බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා පවසයි. සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඡන්දදායකයන්ගෙන් 35%ක් තවමත් ඡන්දය ලබාදිය යුතු අපේක්ෂකයා කවුරුන්ද කියා තීරණය කර නොමැති බවය. “ඡන්දදායකයන්ගෙන් 35%ක් කාටද…

    Read More

    සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි

    මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවය. සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි. එමෙන්ම ජනවාරි…

    Read More

    නිල ඡන්ද පත්‍රිකා සියයට 77ක් බෙදා අවසන්

    ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවය. හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද…

    Read More

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණි. 1. ජනසෙත පෙරමුණ 2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3. සමගි ජන…

    Read More

    ගැටුමක් නිසා ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ

    දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය. ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් විස්තර නිකුත් කර නැත.

    Read More

    නීතිය ශක්තිමත් කරන බවට අනුරගෙන් සහතිකයක්

    ආගම් හා සංස්කෘතීන් පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා ශක්තිමත් නීතීන් අවශ්‍යනම් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා පවසයි. මහනුවර, දිගන පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “ජාතික ජන බලවේගයේ අපි කිසිවිටෙක තමන් අදහන ආගම, තමන් කතාකරන භාෂාව, තමනගේ අනන්‍යතාවය සහ සංස්කෘතීන් අපේ ඡන්දෙ වේදිකාවට ගන්නේ…

    Read More