ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවෙයි
ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය.
ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි. අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසය. වැඩිදුරටත් අදහස් දැක්වු අරුන්දික ප්‍රනාන්දු මහතා, “අද රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දයට යනවා. ලක්ෂ 14ක්…
විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ අසීරු තීරණ ගැනීම මඟින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවීම හරහා ආර්ථික අර්බුදය තාවකාලිකව විසඳීමට හැකියාවක් ලැබී ඇති බවය. ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “එදා මම එක්ක මේ කණ්ඩායම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඒ බව සඳහන් කළේය. රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්‍රශ්නයක්.” යනුවෙනි. මේ අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති…
කළු ආර්ථිකයට නතුවී ඇති මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියට තිත තැබිය යුතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. රාජ්‍ය සේවකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය. රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ 49,000ක පමණ අනුමත කාර්යය මණ්ඩලයකින් සමන්විත කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සාමාජිකයින් ඊයේ (03) සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා හමුවිය. …
2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව තවත් ක්ෂේත්‍ර කිහිපයක මූලික වැටුප් වැඩි කෙරෙයි. ඒ අනුව, පාර්ලිමේන්තු සේවා, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල සේවා, අධිකරණ සේවය, රාජ්‍ය අංශය සහ රාජ්‍ය හිමිකාරීත්වය දරණ…
025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවෙයි. ඒ අනුව, සාමාන්‍ය සෙබළ / සාමාන්‍ය නැවි / ගුවන් භට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්,…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (03) නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112 784 208 – 0112 784 537 – 0112 785 922 අංක අමතා වැඩිදුර…
2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එය භාර දෙනු ලැබීය. අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය…