Headlines

    නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකියි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද පැවැත්වුනි. එය නම්කර ඇත්තේ ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි. ඊළඟ වසර 10 ඇතුළත දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔහු පැවසුවේ රට ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් මෙරට…

    Read More

    තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

    ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ  මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස්…

    Read More

    ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය. ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට…

    Read More

    ජපන් සමාගමක් නඩු මගට

    මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය. ඒ, ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ අමෙරිකානු ඩොලර් මිලියන 06ක පමණ…

    Read More

    සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන්ට පිළිගන්වයි

    සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය. සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිතය.

    Read More

    රණවිරුවන් රැකගන්න ජාතික සංවිධාන 65ක් දිලිත් සමග ගිවිසුමකට

    සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා වන එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන 65ක නියෝජිතයින් අද (29) අත්සන් තැබීය.  ඒ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.  විරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත්…

    Read More

    පාස්පෝට් තදබදය අවසන්

    දින කිහිපයක් තිස්සේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තිබූ තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබේ. ජනතාව පැවසුවේ, කිසිදු තදබදයකින් තොරව තම විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකිවූ බවය.  විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් පැවතියේය. ඒ, දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත…

    Read More

    ජනපති සත්කෝරලයේ මහා සංඝ සමුළුව අමතයි

    දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ අතරමඟ නැවතුණහොත් රට අර්බුදයට යන බවත්, මෙවර ජනාධිපතිවරණය තීන්දු කරන්නේ තම අනාගතය නොව රටේ අනාගතය බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුරුණෑගල පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. “ජනාධිපති ධුරය භාරගනිද්දිත් සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තා. එතනින් තමයි වැඩ ආරම්භ කළේ. වෙන කවුරුත් භාරගන්න බැහැ කියපු වෙලාවක මම…

    Read More

    පාතාලය මඩින්න සැරසෙන අනුර

    මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජනබලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (27) දින පස්වරුවේ මීගමුවේදී පැවැත්වූයේ එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි දි ජාතික ජනබලවේගය ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, …

    Read More

    අම්පාර සුරපුරයක් කරනවා – සජිත්

    සිය රජයක් යටතේ අම්පාර දිස්ත්‍රික්කය සංවර්ධනයේ සුර පුරයක් බවට පත්කරන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අඩ්ඩාලච්චේනෙයි හිදී පැවති ජනාධිපතිවරණ ජන රැලියකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ…

    Read More