Headlines

    උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන තත්ත්වයක් ?

    උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට (29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ. කි. මී. 70-80) සමග තද වැසි ඇති විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් නිවේදනයේ දැක්වෙයි. මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක…

    Read More

    මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

    පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ඔහු අද රාත්‍රියේ සහභාගී වූ මූලික වටයේ තරගය තප්පර 10.5 5කින් නිම කරමින් එහි දෙවන ස්ථානය දිනා ගත්තේය.   මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව…

    Read More

    රබර් වගාවට පොහොර සහනාධාරයක්

    රබර් වගාව සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය පැවසීය. රබර් වගා කටයුතු සඳහා වසර ගණනාවක් තුළ පොහොර යෙදවීම සිදුකර නොමැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දී ඇති බව සඳහන්ය. ඒ…

    Read More

    ජනතාව නොපෙළා ආර්ථිකය හදනවා -නාමල්

    රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාවතගම ප්‍රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ මාවතගම ආසන…

    Read More

    වංචා දූෂණ අවම කරන හැටි නාමල් පෙන්වයි

    පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා, “සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ…

    Read More

    දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

    මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය.  මෙහි පළමු අදියරේදී වාර ප්‍රවේශපත්‍ර…

    Read More

    ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

    “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදක්වනු ලැබීය. ඒ, ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද පැවති උත්සවයකදීය.  ඊට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එක්ව සිටි අතර, උත්සවය ආරම්භ කෙරුණේ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙනි. අනතුරුව උත්සව සභාවට පැමිණි…

    Read More

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවයි

    2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇත. ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද…

    Read More

    ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් ඡන්ද දායකයින්ට පණිවුඩයක්

    එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව…

    Read More

    ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කරයි

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල…

    Read More