Headlines

    ගෝලීය දකුණේ හඬ සමුළුවට ජනපති එක්වෙයි

    බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බැවින් බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළයමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති ‘ගෝලීය දකුණේ හඬ’ සමුළුවේ රාජ්‍ය නායක සැසිය සඳහා අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වෙමිනි. ඉන්දීය අග්‍රාමාත්‍ය…

    Read More

    ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරයි

    සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.  ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා අද (18) සඳහන් කළේය. ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන…

    Read More

    ජනපති ධුර අපේක්ෂකයන් වියදම් කරන්න ඉල්ලන මුදල මෙන්න

    ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට…

    Read More

    කුකුළේ ගඟ ජලාශය වාන් දමයි

    කළු ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාවක් ලැබීමත් සමඟ කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග ඉන්ජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී.ඩබ්.ඒ. සකුරා දිල්තාරා මහත්මිය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය. මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ගතවූ පැය 24 තුළ ලැබුණු…

    Read More

    ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක්

    කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව අද පෙ.ව. 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය…

    Read More

    ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ  – සමන් ශ්‍රී රත්නායක

    රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කොළඹදී ඊයේ (16) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බවය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට…

    Read More

    ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් යාපනයෙන් ඡන්ද සටන අරඹයි

    සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ යාපනයේදී පැවැත්වීමට නියමිතය. අද පෙරවරුවේ යාපනයට පැමිණි ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රථමයෙන් ශ්‍රී නාග විහාරයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය. එම අවස්ථාවට සර්වජන බලයේ සෙසු පක්ෂ නායකයින්ද එක්විය. එහිදී ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන් බැහැදැක සර්වජන බලයේ දෙවෙනි කෙටුම්පත…

    Read More

    මිලිමීටර් 150ක තද වැස්සක් ගැන අනතුරු ඇඟවීමක්

    ඉදිරි පැය 24ක කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (17) පස්වරු 1.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී….

    Read More

    විශ්මි ගුණරත්නගෙන් වාර්තාවක්

    සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ (16) සමත් වුණි. ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය. මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න සමත් වුණි. අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස්…

    Read More

    රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය  

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තබා ඇත. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර…

    Read More