Headlines

    දයාසිරි – සජිත් ගිවිසුම් අත්සන් කරයි

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි. එම ගිවිසුම අත්සන් කරන ලද්දේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතරය.

    Read More

    මංතීරු කඩකිරීම හේතුවෙන් අරුණ දර්ශන තරගාවලියෙන් ඉවතට

    පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ  මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ  මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේය. සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපරෛාත්තුවත් සමඟ අරුණ දර්ශන ඊයේ…

    Read More

    පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව නිවේදනය කළේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.

    Read More

    අත්‍යවශ ආහාර කිහිපයක මිල පරාස නිකුත් කරයි

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්,

    Read More

    අරුණ දර්ශන ට 5වන තැන

    පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එහි 05වන ස්ථානය හිමි විය. එම තරගය පැවැත්වුණේ රාත්‍රී 11.05ට ය. අරුණ තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිමකළේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.

    Read More

    මැතිවරණ පැමිණිලි සියය ඉක්මවයි

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජුලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 121ක් වාර්තා වී ඇති බවය.

    Read More

    මත්පැන් හල් බලපත්‍ර සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

    සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.  සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන් හල්හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර…

    Read More

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට

    පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය…

    Read More

    ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වෙයි

    ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙමඟින් දැනුවත් කර තිබේ. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා…

    Read More

    වාහන හිමිකරුවන්ට අලුත් ආරංචියක්

    මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්…

    Read More