Headlines

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල්…

    Read More

    චමරිට ලැබුණු අලුත්ම තැන

    ICC ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නිර්දේශ නාම 03 අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළත් වී තිබේ.

    Read More

    ඇප තැබූ පිරිස 17ක් දක්වා ඉහළට

    2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ…

    Read More

    SF ඇප තියයි

    2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ. වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර ඇත.

    Read More

    මැතිවරණ කොමිසමෙන් ඡන්දහිමියන්ට දැනුම්දීමක්

    මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවය. මීට…

    Read More

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ආරම්භ වේ

    සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරේ. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්‍යය අද පෙරවරු 4.10ට යෙදී තිබු සුභ මොහොතින් සිදුවිය. කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මේ මස 10 වනදා වීථි සංචාරය කිරීමට…

    Read More

    බොර තෙල් මිල වෙනස්වෙයි 

    ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී තිබුණි. පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිල විය. විශේෂයෙන්ම මැද පෙරදිග…

    Read More

    ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මගින් අද දිනට ප්‍රථම ඡන්ද හිමි නාමලේකනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමු කරන…

    Read More

    වාර්තා පොත් අලුත් කරමින් අරුණ අවසන් පූර්ව වටයට

    පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා අතරට යාමට අරුණට හැකිවිය. අරුණ සහභාගි වූ තරගය මෙරට වේලාවෙන් ඊයේ…

    Read More

    ජනපති අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කළ කමිටුව සැලසුම් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සියලු අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කමිටුව විසින් සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි. මේ අතර පොලිස්පතිධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව හේතුවෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන්…

    Read More