Headlines

    ජනපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන දැනුම්දීමක්

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ඊයේ (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන…

    Read More

    ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

    2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය. රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට්…

    Read More

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව අවසන් පූර්ව වටයට

    ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමත් විය. ඒ අද පැවැති තරගයෙන් තායිලන්ත කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමිනි. එම තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි. ඒ අනුව තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු…

    Read More

    විශ්‍රාමිකයන්ට රු 3000ක විශේෂ මාසික දීමනාවක්

    රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,  “රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක්…

    Read More

    දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

    දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළේය. යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…

    Read More

    මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25…

    Read More

    සා පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

    2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. මේ වනවිට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත්, උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස…

    Read More

    තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500ක් හසු වෙයි

    පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන…

    Read More

    ඔන්ලයින් පනත ගැන අලුත් තීරණයක්

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2024.02.12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාසනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ…

    Read More

    අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි

    ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද (23) පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. “අක්ෂි රෝහල තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. කිසිසේත්ම ඔහුගේ තනතුරට…

    Read More