Headlines

    වෙළෙඳපොළට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

    ලංකා අයිඕසී සමාගම විසින් අද (02) 100 ඔක්ටේන් පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය X ගිණුමේ  තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. මේ අතර ලංකා අයිඕසී සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා හමුවී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය. ලංකා අයිඕසී ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය…

    Read More

    සජබය ජාතික ආණ්ඩුවකට බෑ කියයි

    වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාව සජබ මන්ත්‍රී කණ්ඩායම අද (02) ඒකමතිකව අනුමත කර තිබුණි.

    Read More

    මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

    මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පැවසීය. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි. මේ අතර මහනුවර අධිකරණයේ නඩු කටයුතු ජුලි…

    Read More

    සාකච්ඡා සාර්ථකයි

    සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවය. “අපි පැහැදිලිව දැනුම්දුන්නා රාගවන් අමාත්‍යවරයා වෙත ලාබදී තිබෙන එකඟතාවයන්වලින් බැහැරව කටයුතු නොකර බව. මේ වෘත්තීය ක්‍රියාමර්ග…

    Read More

    කාසියේ වාසිය කැන්ඩි කණ්ඩායමට

    ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වෙයි. ඒ දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර ය. එහි කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

    Read More

    අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙයි. මෙවර ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කරන අතර රුපියල් 30ක්ව පවතින අවම බස්…

    Read More

    හිරුණිකාගෙන් අභියාචනයක්

    තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින…

    Read More

    පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

    ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ….

    Read More

    තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

    නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ අද (01) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදි ධීවර බෝට්ටු 04ක සිටි ඉන්දිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන්…

    Read More

    IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

    අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්‍ 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379කි. එසේම ඔටෝ ඩීසල් මිලෙහි…

    Read More