Headlines

    යුද ජයග්‍රහණයට වසර 15යි

    ශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ…

    Read More

    ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන දැඩි තීරණයක් ?

    යුරෝපා සංගමය, මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මතය. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට…

    Read More

    රටම බලාසිටි රතුපස්වල නඩු තීන්දුව මෙන්න

    ආන්දෝලනාත්මක රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය. ඒ, වසර 11කට වැඩි කාලයක් සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්, එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේදී 2013 අගෝස්තු 01…

    Read More

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

    ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන්…

    Read More

    කෘෂිකර්මාන්තයට මූල්‍ය සහාය සහ පුහුණුව දෙන්න රජය සූදානම් -ජනපති

    කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වේගා…

    Read More

    සචිත්‍ර ගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙයි

    මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.  එහිදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ…

    Read More

    ස්මාර්ට් ෆෝන් නිසා දරුවන්ගේ සරසවි අධ්‍යාපනයත් කඩාකප්පල්වීමේ ප්‍රවණතාවයක්

    ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බව අනාවරණය වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ  ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ දරුවන් ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් මව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවය. ජංගම දුරකථනය ලබාදීම වෙනුවට සිදුකළ යුත්තේ දරුවන් ක්‍රීඩා සෞන්දර්ය සඳහා…

    Read More

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ගැන ගම්මන්පිල ගෙන් චෝදනාවක්

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කරයි. අමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනට් කාරක සභාවේ සභිකයින් එළිසබෙත් හොස්ට් මහත්මියට යොමුකළ ප්‍රශ්නවලට ඇය ලබාදුන් පිළිතුරු රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඇය සෙනට් කාරක සභාවේ සභිකයින් විසින් සිදුකළ විමසීම්…

    Read More

    සා/පෙළ භූගෝල විද්‍යා පේපරය ගැනත් පරීක්ෂණයක්

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සඳහන් ය. එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක්…

    Read More

    සා/පෙළ අසාධාරණවලට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ විභාග ශාලාවකදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට තම ප්‍රශ්න පත්‍රය අයෙකු ලවා කියවා ලබාදෙන පිළිතුර ලිවීමට අවසර ලබාදී තිබියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෙවැනි කොටස සඳහා එම පහසුකම අවහිර කළ බවට චෝදනා කරමින් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. එමෙන්ම, කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ විභාග ශාලාවකදී ද විශේෂ…

    Read More