Headlines

    සුඛෝපභෝගී වාහන නඩුව ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

    ති සුඛෝපභෝගී BMW වර්ගයේ වාහන 1,728ක් තීරුබදු රහිත බලපත්‍ර යටතේ ආනයන කිරීමේදී රුපියල් බිලියන16ක බදු මුදලක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සමාගම, විමර්ශන අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමට අදාළ නඩුව ඊයේ (09) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. අදාළ…

    Read More

    මහ දවාලේ හෝමාගම ටවුමේ සිදුකළ රන් භාණ්ඩ කොල්ලය

    හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝලයක් අතැතිව ආ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ආයතනයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා ගොස් තිබේ. අද (10) පෙරවරු 11.45ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙක් අලෙවි සැලට ඇතුළු වන අයුරු එහි තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබිණි. ඔවුන්…

    Read More

    අද හවසට පළාත් කිහිපයකට මි. මී 100 ඉක්මවූ වැසි

    අද (10) සවස 2න් පසුව දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී තැනින් තැන…

    Read More

    සබරගමු සරසවියේ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි

    සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව එම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා කඩිනමින් වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස එම කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කර ඇත. එම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කෝප්…

    Read More

    මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉහළ සහායක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  තිරසාර ස්ථාවරත්වය නමින් මහ බැංකුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.  ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ තිරසාර ස්ථාවරත්වය නම් සංවාදාත්මක වැඩසටහන ඊයේ (09) පැවැත්වුණේ මහ බැංකු…

    Read More

    සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන පැමිණිලි

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් ය. විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ…

    Read More

    අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වූ අයුරු සොයයි

    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම කාරක සභාවේ සභාපති…

    Read More

    සියල්ල අවසානයේ ඩයනා කළ හෙළිදරව්ව

    පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය අද (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කළේය. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර…

    Read More

    විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (09) ආරම්භ විය. විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි. පෙත්සම් විභාගය ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී…

    Read More

    උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි

    පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඒ අනුව 2024.05.03 දින පස්වරු 4 සිට 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතී. වැඩි විස්තර පහතින්,

    Read More