Headlines

    ඉන්ධන අලෙවියට ෂෙල් ශ්‍රී ලංකාවට

    අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි. RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත. මෙය 2023…

    Read More

    අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ලබා දිය නොහැකි බව ව්‍යාපාරිකයින් කියයි

    අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසයි. එහි සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරිකයින්ට බංකොලොත් වූ සිය ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාලයක් අවශ්‍ය බවය. “අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අයවැයක දාන දත්ත ටිකක් නෙමෙයි. කළ හැකි යම්කිසි වැඩපිළිවෙලක්….

    Read More

    වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

    පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍ළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවය. වියළි කාලගුණයත් සමග ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසින බව සඳහන් වේ. මේ දිනවල ජල පරිභෝජනය ඉහළ…

    Read More

    මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

    ශිව දෙවියන් සහ ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” මහා ශිව රාත්‍රි දිනය මඟින් සංකේතවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා අගයමින් හා සුරකිමින් රටේ සෑම ජන කොටසක්ම එකිනෙකා කෙරෙහි ගෞරව – ආදර පෙරදැරිව අප මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින මොහොතක් බව ජනාධිපතිවරයා පෙන්වා…

    Read More

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව,…

    Read More

    දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි

    දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන්ද…

    Read More

    මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්

    මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක්…

    Read More

    විශේෂ පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

    ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27 වනදා වසා තැබීමට තීරණය කර තිබේ. හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ප්‍රකාශ කළේය. කෙසේවෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ…

    Read More

    පෙති රංග අත්අඩංගුවට

    කළුතර හා අවට ප්‍රදේශ රැසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ නිරතත වූ “පෙති රංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිස් වසමේ දෙදියවල සුනාමි නිවාස සංකීර්ණයේදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් ඊයේ (24) සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ජම්බුවාගේ මදුරංග සිල්වා නොහොත්  “පෙති රංග” යන…

    Read More

    උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට

    ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය….

    Read More