Headlines

    අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක් – ප්‍රතිභා මහානාම

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ මස 24 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ගෙනආ යෝජනාවට අභියෝගයක් එල්ල කළ හැකි බවය. අචාර්ය…

    Read More

    අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Read More

    අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි එළියට

    අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය. මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති…

    Read More

    දුම්රිය කිහිපයකින් තෙවන පන්තියේ ආසන වෙන්කිරීම අත්හිටුවයි

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට…

    Read More

    DMT නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට 

    මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක්කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි,…

    Read More

    විද්‍යා ඝාතන සිද්ධියේ අභියාචනාවලට දින නියම කෙරේ

    015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත. මෙම අභියාචනා ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද…

    Read More

    නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි. පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම්…

    Read More

    වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි

    වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ වනවිට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවය. වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බවද ඔහු සඳහන්…

    Read More

    මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන්…

    Read More

    වායු දුෂණයෙන් ලොව පුරා මියයන පුද්ගලයින් ගණන ඉහළට

    වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේ, වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය…

    Read More