Headlines

    රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට අයවැයෙන් රුපියල් බිලියන 90ක්

    රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය සේවයේ පරිවර්ථනීය වෙනසක් වෙනුවෙන් ඉදිරියේ දී පියවර රැසක් ගැනීමට නියමිත බවය. “සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක්…

    Read More

    උතුරු මැද 11 ශ්‍රේණියේ විභාගය යළි ඇරඹෙයි

    උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි. ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අවලංගු කර තිබුණි. ඒ අනුව රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ…

    Read More

    ප්‍රදේශ කිහිපයකට හවසට වැසි

    ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4,943ක්

    ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්ය. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 315ක් ඩෙංගු රෝගීන් හඳුනාගෙන තිබේ.

    Read More

    පරාජයට හේතුව සනත් පැහැදිලි කරයි

    පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු පරාජයක් වැළඳගන්න සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. “මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය Under pressure ගන්න දැන ගන්න ඕනේ. කන්ෆිඩන්ට් තියෙන වෙලාවට ගහන්න දැන ගන්න…

    Read More

    පෘථිවියේ දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වූ හැටි

    පෘථිවිය සූර්යයා වටා ගමන්  කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබේ. Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශ ගත වූ අතර ජනවාරි 15 වන දින සිට පෘථිවිය වටා කක්ෂගත කර ඇත.  මෙම අභ්‍යවකාශ යානය සතියකින් පමණ පෘථිවි කක්ෂයෙන් ඉවත් වී සඳට දින හතරක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන…

    Read More

    රජය සතු වත්කම්වල නිවැරදි විගණනයක් මේ දක්වා සිදුකර නෑ – විගණකාධිපති

    රජය සතු වත්කම් සම්බන්ධයෙන් නිවරදි විගණනයක් මේ දක්වා නිසි ආකාරයෙන් සිදුව නොමැති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී නිසි අයුරින් ඉටු නොකිරීම හේතුවෙන් මෙවැනි අර්බුද මතුව ඇති බවය. කර්මාන්ත අමාත්‍යාංශය මඟින් කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විගණකාධිපති ඩබ්ලිව්. පී….

    Read More

    ජපන් වාහනවල අලුත්ම මිල ගණන් ගැන හෙළිදරව්වක්

    ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5ක් හෝ 7ක් පරණ වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පරණ වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි. ආනයන සීමා ඉවත් කරමින් ඊයේ (1) සිට වාහන ආනයනය කිරීමට රජය ගත් තීරණය…

    Read More

    චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් සොයා ගැනේ

    චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල්…

    Read More

    හිටපු ජනපති මහින්ද නිවස රජයට ලබාදිය යුතුයි – ජනපති

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබානොදෙන බවය. “ආයුබෝවන්… මොකද තත්ත්වේ? හොඳද? සතුටුයි… හොඳයි. අවුරුදු ගණනක සිටි…

    Read More