දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව  කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස…

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (18) උදෑසන 9.00ට එම නිවේදනය නිකුත් කර ඇත. අදාළ නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී තිබේ. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන්…

Read More

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. පසුගිය 16වන දින කොටහේන ප්‍රදේශයේදි  යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකුට සහ කාන්තාවකට බරපතළ තුවාල සිදුකර තිබුණි….

Read More

ලංවිම ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතුයි – සජිත්

අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු කාර්තුවේ දී විදුලි බල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබීම ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාව මනාව පෙන්නුම් කිරීමක් බවය. මෙම පාඩුව ජනතාව මත පටවමින් සියයට 20කට ආසන්න විදුලි…

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ. ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි  දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට…

Read More

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති සහ යුද්ධය නිමා කිරීමට සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතා අද (18) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමා ජීවත්ව නොසිටින දිනකදි වුවද සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මාතෘ…

Read More

යුද ජයග්‍රහණයට වසර 16යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ…

Read More

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

Read More

මෝටර් රථවලට ලියාපදිංචි අංක තහඩු නිකුත් නොකිරීම

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය. ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය. මෝටර් රථ…

Read More

කොටහේනේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සවස වෙඩිතැබීමක් සිදුවිය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට මෙලෙස වෙඩි තබා පලාගොස් තිබුණි. වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු වයස අවුරුදු 42ක් හා තුවාලකාරිය වයස අවුරුදු 70ක් වන කොටහේන ප්‍රදේශයේ…

Read More