Headlines

    කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

    ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ආ දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) රාත්‍රියේ මොවුන් සිංගප්පූරුවේ බැංකොක් සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් පැමිණ තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වන බොරපොළ මහඔය ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 29ක් වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර කාන්තාව සතුව කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03යි…

    Read More

    ජාතික යොවුන් සේනාංකයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

    ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබා ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා,…

    Read More

    ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර…

    Read More

    අදත් ප්‍රදේශ රැසකට වැසි

    නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු,…

    Read More

    දුම්රිය ඊ ටිකට් මාෆියාව ගැන CIDය පරීක්ෂණ අරඹයි

    දුම්රිය දෙපාර්තමේන්තුවේ Online මඟින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබෙන්නේ…

    Read More

    අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට

    අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබේ. ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම…

    Read More

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද

    අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණි. මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදාය. අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය…

    Read More

    තවත් බිහිසුණු බස් අනතුරක් – 14ක් රෝහලට

    අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. බස් රථයේ…

    Read More

    නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්

    අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා බුද්ධංගල ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් මේ වනවිට ස්ථානගත කර තිබෙන බව නාවික හමුදාව පවසයි. මෙම කටයුතු ඉකුත් 15වනදා ආරම්භ කෙරුණු අතර, ඒ අනුව එම සහන කණ්ඩායම් බුද්ධංගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ දැනටමත්…

    Read More

    මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි – ජනපති

    ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර, කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩා පිටියේ පැවති සුහද හමුවකට අද පස්වරුවේ එක්විය. “අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා…

    Read More