Headlines

    උඩරට දුම්රිය ගමන යථාතත්ත්වයට

    හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත. දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ අංක 175/50 සැතපුම් කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය නතර කර තිබූණි. මේ වන විට එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යථාතත්ත්වයට පත් කර තිබේ. එබැවින් අද (02) දින සිට…

    Read More

    සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම

    අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා…

    Read More

    පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළ විභාගයෙන් පසුව

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන්…

    Read More

    අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන

    පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. අයහපත් කාලගුණයෙන් පොතුවිල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට සිදු වු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. “පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය මත මේ…

    Read More

    ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

    ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ශාරුජන් ෂම්මුගනාදන්…

    Read More

    වෙළෙඳපොළේ පොල් හිඟයක්

    වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය. ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ. පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල් හිඟයක්ද වෙළෙඳපොළේ පවතින බවය. එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී. එමෙන්ම එක්සත් සහල්…

    Read More

    වාහන ආනයනය ගැන අලුත්ම දැනුම්දීම

    එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පැවසුවේ නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ  සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා, “පෙබරවාරි සිට…

    Read More

    පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට ඒඩ්ස් ව්‍යාප්තියේ වැඩිවීමක්

    ලෝක ඒඩ්ස් රෝග මර්දන දිනය අදට (01) යෙදී තිබේ. සමස්ත ලෝකය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව  සැලකෙන්නේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩු රටක් ලෙසයි. කෙසේවෙතත්  පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මෙරට ඒඩ්ස් රෝග ව්‍යාප්තියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය…

    Read More

    සම්ප්‍රදායික පක්ෂ විනාශ වෙද්දි නැගී ආ එකම පක්ෂය සර්වජන බලය – දිලිත්

    සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විනාෂයට ලක්වෙද්දී මෙරට ඉතිරිව ඇති  නැගීඑන එකම දේශපාලන ව්‍යාපාරය සර්වජන බලය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ සංවිධායක සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. “මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ සර්වජන බලය. අඩුම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පොදුජන…

    Read More

    නීතිවිරෝධීව එකලස් කළැයි සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් ගරාජයකින් හමුවෙයි

    නීතිවිරෝධීව ලෙස එකලස් කරන ලදැයි සැකකෙරන ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී සොයාගෙන තිබේ. ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය. වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්,…

    Read More