Headlines

    රන්ජන්ගේ සමුළුවට පැමිණි පිරිසට මුදල් නොගෙවූ බවට චෝදනා

    රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට ඊයේ (27) නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි. ඒ, සම්මේලනයට සහභාගී වූ තරුණ තරුණියන් දෙසියකට අධික පිරිසක් එම පක්ෂය තමන්ට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවූ බවට චෝදනා කරමිනි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ‘අද දෙරණ’ විමසීමක් සිදු කරනු ලැබීය….

    Read More

    ලංකාවට ආ අප්‍රිකානු සුකර උණ

    බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය. පසුගිය කාල සීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක…

    Read More

    වත්මන් ජනපති සහ තමන් අතර වෙනස සසඳන රනිල්

    තමන් මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  මීගමුව ප්‍රදේශයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැවැත් වූ ජන හමුවකට අද (27) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ.  පලපුරුදු අය…

    Read More

    නිමක් නැති ඔන්ලයින් ජාවාරම් ගැන තවත් අනාවරණයක්

    අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් රට තුළ සිදුවෙමින් පවතී. අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වුණි. කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට පත්වුණි….

    Read More

    සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු බව ජනපති කියයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු ව තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කර…

    Read More

    ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු වෙනුවෙන්…

    Read More

    රුපියල් මිලියන 200ක අම්බර් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අම්බර් කිලෝග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් රාගම ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. ගුවන් හමුදා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ‘දුර්ලභ තල්මස් වමනය’ ලෙසින් හඳුන්වනු ලබන මෙම අම්බර්ග්‍රිස් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ බව පොලීසිය පැවසීය.

    Read More

    ඩිජිටල් කලාප ඇති කිරීමට රජයේ අවධානය

    රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියාසිටියේ වර්තමාන රජයට මෙරට ඩිජිටල්කරණය කිරීම…

    Read More

    කොළඹ සහ වන්නි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගනී

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (25) සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 23වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටවා තිබුණි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ…

    Read More

    ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන් බව මැතිවරණ කොමිෂන් සභාව…

    Read More