ColomboBuzz
WhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩ ගැන ප්‍රවේසමෙන්
වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post ) මගින් පුද්ගල දත්ත සහ මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවද ඔවුන් සඳහන් කරයි. ඒ…
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක බවය. පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡා පැවැත්වෙයි.
මුදල් අච්චු ගැසුවා ද ? – මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවය. අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ, මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය…
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතය ගැන ජනතාවට දැනුම් දීමක්
පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවය. එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන…
සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත්…
කේබල් කාර් ව්‍යාපෘතියට බාධා කිරීම් වළක්වාලමින් පැනවූ අතුරු තහනම දීර්ඝ කරයි
අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම්වලට බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (29) නියම කළේය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පෞද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත්…
ආරුගම්බේ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් බාරදෙයි
ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ තැබූ වාර්තාව
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණි. 2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වෙයි. මේ අතර අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා…
බැංකුවත් ව්‍යවසායකයාත් ආරක්ෂා වනපරිදි සමස්ත ක්‍රියාවලිය සිදුකළ යුතුයි – ජනපති
රට ගොඩනැගීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමග විශේෂ බැඳීමක් නොමැති බැවින් ගතයුතු සෑම තීන්දුවක්ම නොපැකිළිව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම…
ආගමික සිද්ධස්ථානවල සූර්යය පැනල ස්ථාපිත කිරීම ඇරඹේ
දිවයින පුරා විහිදුණු සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5 ක ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබේ. ඒ ඩොලර් මිලියන 17 ක ඉන්දීය මූල්‍ය සහයෝගය යටතේයි. දිවයින පුරා විසිරී පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යන සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කරමින් සූර්යය පැනල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එහි පළමු…