ColomboBuzz
ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ
මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමේ අරමුණින් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මෙම රුසියානුවෝ නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී සිටියදී ඉකුත් 28 වනදා වනජිවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව ඔවුන් අද (02)…
රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශය
සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
රුසියාවේ මර්මස්ථාන රැසකට යුක්‍රේනයෙන් ප්‍රහාර
යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ විදුලි බලාගාර දෙකක ගිනි ගෙන ඇතැයි වාර්තා වෙයි. රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ, මොස්කව් අගනගරය සහ වෙනත් ස්ථාන 15ක් පමණ ඉලක්ක කරමින් යුක්‍රේනය විසින් ඩ්‍රෝන යානා 158කට වැඩි ගණනක් එවා තිබූ බවයි. මෙම ඩ්‍රෝන සියල්ල විනාශකළ බවට රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුව ද මොස්කව් නුවර නගරාධිපතිවරයා පවසා ඇත්තේ එල්ලවූ…
මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී වියදම් විස්තර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු…
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද පැවැත්වුනි. එය නම්කර ඇත්තේ ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි. ඊළඟ වසර 10 ඇතුළත දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔහු පැවසුවේ රට ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් මෙරට…
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස්…
ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය. ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට…
ජපන් සමාගමක් නඩු මගට
මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය. ඒ, ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ අමෙරිකානු ඩොලර් මිලියන 06ක පමණ…
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන්ට පිළිගන්වයි
සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය. සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිතය.
ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සිය සමුගැනීම ප්‍රකාශ කර තිබේ. ඔහු වසර 12කට ආසන්න කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබුණි. එහිදී ටෙස්ට් තරග 59ක්දී කඩුලු166ක් සහ එක්දින තරග 25කදී කඩුලු 33ක් ලබා ගැනීමට ද…