ColomboBuzz
ගෙදරින් කෑම ගන්න දේශබන්දු කළ ඉල්ලීමට බන්ධනාගාරය දුන් පිළිතුර
නිවසින් ආහාර ලබාගැනීමට දේශබන්දු තෙන්නකෝන් සිදුකළ ඉල්ලීම සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවසින් ආහාර ලබාදෙන ලෙස සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර…
පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර
මසකටත් වැඩි කාලයක් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දී තිබේ. කෙසේ නමුත් උන් වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබා ඇති බව වාර්තා වෙයි. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පසුගිය පෙබරවාරි මස 14 වැනිදා හදිසියෝ රෝහල්ගත කෙරුණේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුකරගෙනය….
අයථා ලෙස ඉපැයූ දේපොළ පවරා ගැනීමේ නීති ඇතුළත් නව පනතක්
පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි. එළැඹෙන අප්‍රේල් මස 8 වනදා අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පවසයි. එම පනත තුළින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය…
ෆේස්බුක් සාදයක් වටලයි
ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය,…
මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පසුගිය 21 වැනි දින මැතිවරණ පැමිණිලි 03ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදීම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම…
කොළඹ – නුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 35කට තුවාල
කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මීට සුළු මොහොතකට පෙර අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළේය. කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස…
දේශබන්දුට විශේෂ ආරක්ෂාවක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසීය. ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටී. අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක් දිනක්…
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇත. එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව…
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකාවක් කොළඹට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් ‘MURASAME’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ. සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ එම නෞකාව අද (22) උදෑසන කොළඹ වරායට සේන්දු වී ඇත. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘MURASAME’ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැවේ කාර්යමණ්ඩලය 200ක ගෙන් සමන්විතය. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර්…
මැතිවරණ පැමිණිලි කිරීමට EC EDR ඇප් එක හඳුන්වා දෙයි
පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) හඳුන්වා දුනි. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේදීය. විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, “මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක…