ColomboBuzz
මන්කිපොක්ස් ආසාදිත මරණ 500 ඉක්මවයි
වඳුරු උණ හෙවත් ‘මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී තත්ත්වය පුද්ගලයින් 16,000ක් පමණ මේ වන විට ගොඳුරු වී ඇති බව වාර්තා වේ. ‘මන්කිපොක්ස්’ වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත්කරනු…
ජනපති අපේක්ෂක විවාදයේ ඇරයුම දිලිත් පිළිගනී
මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී තිබේ. එම ලිපියේ සඳහන් වන්නේ, ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින්…
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205ක් වෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා තිබේ.
තාත්තා නවත්වපු තැනින් ඉදිරියට අරන් යනවා -නාමල්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (19) පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මාධ්‍යවේදියා – රෝහිත අබේගුණවර්ධන කියලා තියෙනවා මොන්ටිසෝරි ළමයි එක්ක මේවා කරන්න බැහැ කියලා,…
ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109කි.
ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට
එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහාය ලබාදෙමින් සර්වජන බලය හා එක්වීමට ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඊට අදාළ ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබුණි. ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (19) බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි. සර්වජන බලය වෙනුවෙන් ජනාධිපතිධුර…
ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත. මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස 15වැනිදා ආරම්භ කළ අතර, එදිනම ඊට විරෝධතා එල්ල විය. විශේෂයෙන් ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ…
මැතිවරණයෙන් 50% ගන්නා බවට අනුර විශ්වාසයෙන්
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹදී අද (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර…
අමෙරිකානු නෞකාවක් හදිසියේ කොළඹ වරායට
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. යු.එස්.එස් ස්ප්‍රොන්ස් නම් නෞකාව අද (19) පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පැවසුවේය. සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා එම නෞකාව මෙරටට පැමිණ ඇති බව සඳහන්ය. නෞකාව දිගින් මීටර් 160ක් පමණ වන අතර නැව් මුළුව 338 දෙනෙකුගෙක් සමත්විත වන බව නාවික…
දිනක් තුළ මැතිවරණ පැමිණිලි 65ක්
ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 30ක් සඳහන්ය. මේ අතර පසුගිය ජුලි 31 සිට ඊයේ (18) දිනය දක්වා සමස්ත පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.