ColomboBuzz
මත්පැන් හල් බලපත්‍ර සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්
සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය. සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන් හල්හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර…
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර හෙට (07) දිනයේ ආණ්ඩු පාර්ශ්වය විසින් ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය…
ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වෙයි
ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙමඟින් දැනුවත් කර තිබේ. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා…
වාහන හිමිකරුවන්ට අලුත් ආරංචියක්
මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන්…
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල්…
චමරිට ලැබුණු අලුත්ම තැන
ICC ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා නිර්දේශ නාම 03 අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළත් වී තිබේ.
ඇප තැබූ පිරිස 17ක් දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ…
ප්‍රබල අගමැතිනිය බලයෙන් පහකළ මාර්ච් ටු ඩකා
දින ගණනක් පුරා රජයට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිද්දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඊයේ (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා ගියාය. මේ වන විට ඇය ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වෙයි. බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් අද නිවේදනය කළේ රට තුළ කඩිනමින් අන්තර්වාර රජයක් පිහිටුවන බවය. බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී…
SF ඇප තියයි
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ. වෘත්තීයවේදී ධම්මික රත්නායක මහතා විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර ඇත.
මැතිවරණ කොමිසමෙන් ඡන්දහිමියන්ට දැනුම්දීමක්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවය. මීට…