ColomboBuzz
ශ්‍රී ලංකාවට එමින් තිබු නෞකාවක විශාල ගින්නක්
කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි. ගෝආ වෙරළ තීරයට නාවික සැතපුම් 102ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබියදී පසුගිය 19 වනදා අදාළ නෞකාවේ ගින්නක් හටගෙන තිබුණි. අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 1,154ක් රැගත් නෞකාවේ හටගත් ගින්නෙන් එහි කාර්යය…
ගාසා තීරයෙන් බය හිතෙන වෛරස් ප්‍රභේදයක් හමුවෙයි
ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබුණි. මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති…
අසංක අබේගුණසේකර අත්අඩංගුවට
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අද (21) උදෑසන අමෙරිකාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අසංක අබේගුණසේකර මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…
පළාත් පාලන නාමයෝජනා ගැන ජනපති ගන්න යන තීරණය
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නාමයෝජනා අවලංගු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නාමයෝජනා භාර දී වසරක් ගතවීමෙන් පසු නැවත ඡන්දය විමසීම පැවැත්විය නොහැකි බවත් නව අපේක්ෂකයින්ට ද අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිපතිවරයා සමග…
බිත්තර ආනයනයට රජය යළි සැරසෙයි
බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම පියවර ගැනීමට නියමිත බවය. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙලෙස බිත්තර මිල නොවෙනස්ව ඉහළ මිලක්…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ පළමු ජය ලබයි
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් විය. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළේය. පන්දුයැවිමේදි…
ක්‍රිකට් භාරගත් සනත් මුලින්ම කරපු වැඩ දෙක
ක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නූතන ක්‍රීඩකයන්ගේ යම් යම් අඩුපාඩු ඇති බවය. “කණ්ඩායම මීට වඩා නිහතමානී වුණා නම්… ආකල්ප වෙනස් වුණා නම් තරග පැරදුනා කියලා ලංකාවේ මිනිස්සු මෙච්චර කල් බැනලා නැහැ. මිනිස්සු හරි ආදරය…
අලි සබ්රි රහීම් ට ඇප
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. එහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කර ඇත්තේ ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය. අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර…
බංග්ලාදේශයේ ඇඳිරි නීතිය පනවයි
බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇත. රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්…
සරසවි තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනපති
විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවය. මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…