ColomboBuzz
ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ
පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරේදා (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා…
යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට
2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දින 75ක සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඉදිරියේ වෘත්තීය සමිති නියෝජිතයින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේය. ඒ අනුව අනධ්‍යයන සේවකයින් යළි සේවයට වාර්තා කිරීමට…
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය බණ්ඩාරවෙල සහ හීල් ඔය අතර දී පීලි පැන තිබේ. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාධා මතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පාතාලයට එරෙහිව ප්‍රදේශ කිහිපයක පෝස්ටර්
පාතාලය විනාශකළ යුතු බව දැක්වෙන පෝස්ටර් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අලවා ඇති බව වාර්තා වේ. එවැනි පෝස්ටර් දෙමටගොඩ, මහරගම, නුගේගොඩ සහ මාතර ප්‍රදේශවල අලවා තිබූ බව වාර්තා විය.
ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට තුවාල
අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් ඊශ්‍රායලයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය. එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ…
විප්ලව යනු කුමක්දැයි ජනපති පහදයි
සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ ගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය…
ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවසර
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා හෙට (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාවටය. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන්…
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදීය. එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම…
අනුරාධපුරය ලෝක ප්‍රසිද්ධ කරන්න ජනපති ගෙනආ සැලසුම
ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඊයේ (13) පැවති ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධිය පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද සුර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි. අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින පරිශ්‍රයට විදුලිය සැපයීම සඳහා පෞද්ගලික සමාගමක් විසින්…