ColomboBuzz
අවසන් මහා තරගයේ පළමු වාසිය ඉන්දියාවට
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය තව සුළු මොහොතකින් බාර්බඩෝස් හිදී ආරම්භ වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක්…
මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයින් තිදෙනෙක් මරුට
මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 3 දෙනෙකු මියගොස් තිබේ. තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් ය. ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින්…
ජනපතිගේ සැලසුම මේකයි – අනුර දිසානායක
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා තම ආණ්ඩුවක් යටතේ කිසිදු අතගැසීමක් නොකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුර කුමාර දිසානායක මහතා ඒ බව සඳහන් කළේ ජතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) කොළඹදී එම වැඩසටහන පැවැත්වුණි. “අගවිනිසුරු විශ්‍රාම යන තෙක්…
සංචාරකයන් ලක්ෂ 10 පනී
2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබේ. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බව වාර්තා විය. ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමග පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණි. ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ…
කොවිඩ් – 19 නව ප්‍රභේදයක් අමෙරිකාවේ
කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවය. වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.
ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය…
හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.
සූර්ය බල විදුලි උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි
මේ වනවිට මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි. මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින්…
විධායක සේවා නිලධාරීන්ට විශේෂ දීමනාවක්
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කළේය. මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ…
LPL තරග සඳහා පවර් බ්ලාස්ට් ඕවර්ස්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග සඳහා නව තරග රීතියක් හඳුන්වා දීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ. ඒ යම් ඉනිමක අවසාන භාගය සඳහා “Power Play” අවස්ථාවක් හඳුන්වා දීමය. එම නව වෙනස්කම හඳුන්වා දී ඇත්තේ “Power Blast Overs” යනුවෙනි. ඒ අනුව යම් ඉනිමක 16වන සහ 17වන පන්දු ඕවර දෙක “Power Play” අවස්ථාවක් වෙයි. එම පන්දු ඕවර දෙකේදී…