ColomboBuzz
කොත්තු, රයිස් මිලේ වෙනසක්
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා පැවසීය. මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ. ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු…
ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහන් මෙම නිවේදනය අදාළ වන බවය. ඒ අනුව එහි දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග…
සා. පෙළ විභාග අපේක්ෂකයින්ට ID කන්තෝරුවෙන් දැනුම්දීමක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේ විවෘතව තැබේ. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8:30 සිට පස්වරු 1.00 දක්වා විවෘත කරනු ඇත. මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්…
පාසල්වල තෙවන අදියරේ ආරම්භය මැයි 20
2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ වන අතර එය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි.
පරාටේ නීතිය ගැන ගත් අලුත්ම තීරණය
පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසටද නිර්දේශ කර ඇති බවය. ඒ ඇනුව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය ගැනුම්කරුවන්…
බස් ගාස්තු වෙනස් නොවෙයි
ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි. එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි…
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි. එසේම යුද ගැටුම්වලදී ප්‍රතිවාදීන්ට එරෙහිව කෘත්‍රිම බුද්ධියේ සහාය ලබාගැනීමද මේ වනවිට පැහැදිළිව පෙනීයන කරුණකි. මේ ආකාරයෙන් මහා විනාශකාරී න්‍යෂ්ටික අවිවල පාලනයක් රොබෝවරුන්ට හිමිවුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේදැයි යන්න පිළිබඳව මේ වනවිට කතාබහක් නිර්මාණය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන්…
ගෑස් මිලේ වෙනසක්
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කරන බවය. ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.
දුම්රිය ධාවනය යළි අර්බුදයක
තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසයි. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බවය. දෛනිකව දුම්රියේ ඇති වෙන දෝෂයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුළ ජනතාව කුපිත වී බැන වැදීම් සිදුවන බවත් පැවසු ඒ මහතා පුහුණුව ලැබූ…