ColomboBuzz
ජී.එල් ට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ගයක්
මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ විධායක සභාව මඟින් එම තීරණය ගත් බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය. සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටියේය. ශ්‍රී ලංකා…
ආගමන විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද (12) පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පවත්වන බවය. ඒ අනුව ගුවන්තොටුපොළ හා වරායේ සේවය කරන නිලධාරීන් කළු පටි පලඳිමින් අද රාජකාරියේ නිරත වුණි. ආගමන විගමන නිලධාරී හිඟය නිසිකලට…
දූපතක සතියක් සිරවී සිටි පිරිසක් මුදාගනී
රොබින්සන් කෘෘසෝ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ලෝක පූජිත නව කතාවකි. දූපතක සිරවී වසර ගණනක් හුදකලාව සිටි මිනිසෙකු වටා එම කතා ප්‍රස්තුතය ගොඩනැගී තිබේ. රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් පසුගිය දා වාර්තා වුණි. ඒ එම දූපතේ සිරවී සතියක කාලයක් ගත කළ මිතුරන් තිදෙනෙකු…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති…
මහ බැංකුව යළිත් ඩොලර් ගනී
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ. ඒ අනුව මේ වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති මුළු මුදල ඩොලර්…
දෙමළ ජනතාවට වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍ය නැහැ
ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්‍ය නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරනු ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේය.
බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ
ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙනි. මේ අතර…
දෛනික වෙඩිතැබීම්වලට හේතුව බුද්ධි අංශ දුර්වලතා – මිහින්තලා හිමි
රටේ බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශවල පවතින දුර්වලතා දෛනිකව සිදුවන වෙඩිතැබීම් සහ අපරාධ සිද්ධිවලට හේතුව බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ සඳහන් කළේ එම අංශ ශක්තිමත් කිරිමෙන් තොරව අපරාධ රැල්ල මැඩලීමේ හැකියාවක් නොමැති බවය. අනුරාධපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මේ බව පැවසීය.
ලංගම දෛනික ආදායම රු මිලියන 25කින් වැඩිවෙයි
සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කරමින් විශේෂ ගමනාගමන සේවාවක් ආරම්භ කරනු ලැබීය. ඒ හරහා මේ වනවිට…
අද රාත්‍රියේ ප්‍රබල අකුණු සමග තද වැසි
දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…