ColomboBuzz
ගණේමුල්ල සංජීවගේ ඝාතනයට සැකකාරියක් හා සැකකරුවෙක් අත්අඩංගුවට
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ අනුව අදාළ ඝාතනයට අනුබල…
ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු,…
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයේ අලුත්ම නිවේදනය
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය පූජාව සඳහාද උන්වහන්සේගේ අශිර්වාදය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. පාප් වහන්සේ ඊයේ (23) අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර වෛද්‍යවරු පවසා තිබුණේ රුධිර පරීක්ෂණ අනුව, උන්වහන්සේගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ…
දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල…
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය. මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු…
බුද්ධි තොරතුරක් අනුව සිදුකළ විශේෂ වැටලීමක්
පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අයවැය විවාදය ඇරඹෙයි
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. පසුගිය ජනවාරි මස 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) දිනයේ දී…
ජර්මනියේ මැතිවරණ ජය කන්සවේටිව් පක්ෂයට
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.
කොටහේනේ වෙඩික්කරුට සහාය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව, විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ…
කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. යොහාන් පීරිස් අලුයම 02යි 20 ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට සදහා ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට ඇති බවයි අද දෙරණ…