ColomboBuzz
ලුණු මෙට්‍රික්ටොන් 20000ක් ආනයනයට හෙට සිට ටෙන්ඩර් විවෘත කරයි
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා අද (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කෙරෙනු ඇත. ඒ අනුව පළමු අදියර යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම…
කොටස් වෙළෙඳපොළේ ලොකු පිම්මක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට ඊයේ (2) ඒකක 16,000 සීමාව ඉක්මවා ගියේය. 2024 වසරේදී ද කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඉන් ගෙවුණු මාස 3ක කාලය තුළ දිගින් දිගටම වර්ධනයක් පෙන්නුම් කළේය. නොවැම්බර් 13 වනිදා සියලු කොටස් මිල දර්ශකය පළමුවරට ඒකක 13,000 පසුකළ…
ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.
වර්ෂාවේ වෙනස්වීමක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ද කිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි. පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වේ….
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හිදී අද (02) පැවති තෙවන හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහිදී පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 219ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 211ක් පමණි. ඒ අනුව තරග…
පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාඳුනන මළ සිරුරක්
පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. අද (02) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි.
සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට
සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, අද (02) දිනය තුළ එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින බවය. කෙසේවෙතත් අදාළ සයිබර්…
නව ජාතික බුද්ධි ප්‍රධානී ධුරයේ වැඩ අරඹයි
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි…
තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹේ
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 2025 වසරේ නව…