
ColomboBuzz

අද සවසත් මිමී 100ට වැඩි තද වැසි
අද (4) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි…

බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නීති වෙනස් වෙයි
බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ යටතේ පවුම් 16ක මුදලක් වැය කර අවසරපත් ලබාගත යුතු බව වාර්තා වේ. කලක් යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකුව සිටි බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වූයේ බ්‍රෙක්සිට් නම් සුවිශේෂී වැඩපිළිවෙළ යටතේය. එතැන් සිට එරට යුරෝපයෙන් වෙන්වූ රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටී. තම රටට පැමිණෙන සියලුම යුරෝපීයයන් ඉලක්ක…

රාජ්‍ය ආයතනයකින් කෝටි ගණනක මුදලක් සොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්
මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක් පත් මඟින් රුපියල් 27,031,024.15 ක මුදලක් වංචා කළ බවට පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගිය 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

රතු පැහැ දුර්ලභ දියමන්තියක් මහජන ප්‍රදර්ශනයට
රතු පැහැ අතිශය දුර්ලභ දියමන්තියක් අමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. ඒ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් දියමන්ති ප්‍රදර්ශනයට සමගාමීවය. මෙම දියමන්තියට අමතරව තවත් දියමන්ති විශාල ප්‍රමාණයක් එහිදී ප්‍රදර්ශනයට තබා තිබේ. ඉතාමත් දුර්ලභ ඝනයේ දියමන්තියක් මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවර ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනයට තබා ඇත….

ඔටිසම් දරුවන් වාර්තා වීම දෛනිකව ඉහළට
වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ 2009 වසරේ දී මෙරට සිදුකළ සමීක්ෂණයක දී දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් සහිත දරුවෙකු බවට හඳුනාගෙන ඇති බවය. ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට…

තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය…

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ…

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

ත්‍රිවිල් ගාස්තුව ගැන තීරණයක්
ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවය….