Headlines

    ජනපතිගේ චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අද

    චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් නැරඹීමට නියමිතය. ඉන් අනතුරුව දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක් නැරඹීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම්  Wang Xiaohui මහතා හමුවන ජනාධිපති…

    Read More

    ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්…

    Read More

    COPF සභාවෙන් රෙගුලාසි තුනකට සහ නියෝගයකට අනුමතිය

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි 4න් 3ක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ, සභාපතීත්වයෙන් පෙරේදා (07) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුකර තිබුණි.  මෙහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත්…

    Read More

    තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය

    වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදීය. එමෙන්ම, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද…

    Read More

    ජයිකා උප සභාපති සහ අගමැතිනිය අතර හමුවක්

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. පාර්ලිමේන්තුවේ පැවති මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා ජයිකා ආයතනයේ සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම…

    Read More

    Clean Sri Lanka ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

    Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

    Read More

    ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ නීතිපති සහ ජනපති අතර සාකච්ඡාවක්

    ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පවත්වා තිබේ.  මෙහිදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර…

    Read More

    රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

    විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ. එහි දක්වා ඇත්තේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට…

    Read More

    උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

    රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේය. විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී  අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව ඇත. මෙම සාකච්ඡාව සඳහා…

    Read More

    කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය. සැකකරු ඊයේ (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්…

    Read More