Headlines

    ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

    පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයකුද ඇතුළත් වේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන…

    Read More

    රුපියල් කෝටි 28ක් සමග කොටුවු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

    මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ. ජාවාරම්කරු බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. එම සෝදිසියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ්…

    Read More

    උදයංග වීරතුංගට ඇප

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

    Read More

    හිටපු ජනාධිපති ගෝඨාභයට CIDයෙන් කැඳවීමක්

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

    Read More

    වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය…

    Read More

    ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්…

    Read More

    කෝටි 4ක අයිස් මත්ද්‍රව්‍ය කොරතොටින් සොයාගනී

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කොරතොට, වැලිහින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව හෙරෝයින් ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් තිබී සොයා ගත් බව පොලීසිය පවසයි. පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 04කට අධික බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර…

    Read More

    පස්සරදී බස් රථයක් අනතුරකට –  13 දෙනෙක් රෝහලට

    කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් ගසක ගැටී නතරවී ඇති බව අප වාර්තාකරු පවසයි. අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබේ. අද (11)…

    Read More

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ නැති වූ භාණ්ඩ ගැන විමර්ශනයක්

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේ අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන…

    Read More