දේශබන්දුට තුන්වේලටම ගෙදරින් කෑම

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙන ඒම සඳහා අවසර ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවය. වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින…

Read More

යුරෝපයට පනින්න මෙරට රැඳී සිටි බංගලියන් 10දෙනෙකු අත්අඩංගුවට

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත…

Read More

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි. ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

Read More

ගෙදරින් කෑම ගන්න දේශබන්දු කළ ඉල්ලීමට බන්ධනාගාරය දුන් පිළිතුර

නිවසින් ආහාර ලබාගැනීමට දේශබන්දු තෙන්නකෝන් සිදුකළ ඉල්ලීම සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවසින් ආහාර ලබාදෙන ලෙස සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර…

Read More

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක් 

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පසුගිය 21 වැනි දින මැතිවරණ පැමිණිලි 03ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදීම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම…

Read More

දේශබන්දුට විශේෂ ආරක්ෂාවක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසීය. ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටී. අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක් දිනක්…

Read More

මිලියන 60ක කේරළ ගංජා පේදුරුතුඩුවෙන්

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන ඇත. යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී මෙම තොගය සොයාගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව පොලීසිය පවසයි….

Read More

ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා…

Read More

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ. ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක්…

Read More

කොච්චිකඩේ පාළු ඉඩමක පුද්ගල මළසිරුරක්

කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියාපාර, පෝරුතොට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (20) රාත්‍රි කාලයේදී පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මළසිරුර සොයාගත් බවය. වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More