Headlines

    යෝෂිතට දුන් ඇපය ගැන අධිකරණ ඇමති කරුණු පැහැදිලි කරයි

    යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම්  කර නොමැති බවය.  “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට…

    Read More

    නිදන් හෑරීමට තැත් කළ පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

    නිධන් හෑරීමට උත්සාහ කළ බවට සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) පෙරවරුවේ කිලිනොච්චිය – තිරුනගර් ප්‍රදේශයේ දී නිධන් හෑරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.  කිලිනොච්චිය හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිසියේ සහාය ද ඇතිව මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 සතුව තිබී නිදන් හෑරිමට යොදාගත් ස්කෑනර්…

    Read More

    යෝෂිත අත්අඩංගුවට ගත් හේතුව

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ. රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව නීතිපතිවරයා විසින් පසුගිය…

    Read More

    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා…

    Read More

    WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි

    කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන…

    Read More

    ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

    ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන්ය. පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර…

    Read More

    හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

    හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත…

    Read More

    මාර්ග නීති බිඳින රියදුරන්ට ඉතා පහසුවෙන් දඩ කොළය නිවසටම

    පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් ඊෙය් (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් CCTV කොට්ඨාසයේදී එළි දක්වා තිබේ. ඒ අනුව, නිසි පරිදි මාර්ග නීති පිළිපදිමින් රිය නොපදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දින සිට එම මෘදුකාංගය පොලිස් සමීප රූප අවේක්ෂණ (CCTV) කොට්ඨාසය…

    Read More

    ආගමන හා විගමන පාලක අධිකරණයට රැගෙන එයි

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්  ආගමන හා…

    Read More

    කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

    ගුවන් මගින් කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ආ දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) රාත්‍රියේ මොවුන් සිංගප්පූරුවේ බැංකොක් සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් පැමිණ තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31ක් වන බොරපොළ මහඔය ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ අවුරුදු 29ක් වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර කාන්තාව සතුව කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03යි…

    Read More