Headlines

    උදයංග වීරතුංගට ඇප

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ. නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ. අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

    Read More

    හිටපු ජනාධිපති ගෝඨාභයට CIDයෙන් කැඳවීමක්

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

    Read More

    දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට

    දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහයද අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟින් ඔහුගේ…

    Read More

    ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්…

    Read More

    COPF සභාවෙන් රෙගුලාසි තුනකට සහ නියෝගයකට අනුමතිය

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි 4න් 3ක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ, සභාපතීත්වයෙන් පෙරේදා (07) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුකර තිබුණි.  මෙහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත්…

    Read More

    තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය

    වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදීය. එමෙන්ම, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද…

    Read More

    ජයිකා උප සභාපති සහ අගමැතිනිය අතර හමුවක්

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. පාර්ලිමේන්තුවේ පැවති මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා ජයිකා ආයතනයේ සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම…

    Read More

    Clean Sri Lanka ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

    Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

    Read More

    ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ නීතිපති සහ ජනපති අතර සාකච්ඡාවක්

    ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පවත්වා තිබේ.  මෙහිදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර…

    Read More

    මෙරට ක්‍රීඩා සංවර්ධනයට ඉන්දියාවේ සහාය

    ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති හමුවකදී ය. එහිදී මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන…

    Read More