Headlines

    අතුරු සම්මත ගිණුම ගැන විවාදය ඇරඹෙයි

    2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තොරතුරු හෙළිකරමින් ඊට අදාළ විවාදය ආරම්භ කළේය. “අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්‍රාග්ධන…

    Read More

    පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්

    2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස්  කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී…

    Read More

    අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ තනතුරු කිහිපයකට අනුමැතිය

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැනට පවතින අතිරේක ලේකම් තනතුරු පුරප්පාඩු 02ක් සඳහා පත් කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කල යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි චාන්දනී සාගරිකා බෝගභවත්ත මහත්මිය මෙම…

    Read More

    රජය සතු අධි සුඛෝපභෝගී වාහන ඉවත්කිරීමට යයි

    රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය. රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය…

    Read More

    පාර්ලිමේන්තුවේදී මට ගැහුවා – මන්ත්‍රී අර්චුනා

    අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය. “මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක allocate කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය…

    Read More

    සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය අනුරාධට

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නම්කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ පත්කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

    Read More

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ අනිද්දා ශ්‍රී ලංකාවට

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඉන්දියාව සහ නේපාලයේ සංචාරයක නිරත වන අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබේ.  ඒ අනුව ඩොනල්ඩ් ලූ මහතා අනිද්දා (05) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය. කාලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගිතාව…

    Read More

    පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථානමාරු

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම් ලබාදී…

    Read More

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත

    පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

    Read More

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02)  ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    Read More