Headlines

    නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති

    නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ,  01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතාකෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස මහතාග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා…

    Read More

    පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා – අගමැතිනිය

    ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ඉසුරුපායේදී අද (20) අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ භාර ගනිමින් ඇය මේ බව පෙන්වා දුන්නාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ…

    Read More

    කල් ඇදෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ පක්ෂ ලේකම්වරුන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත එම නම් යොමුකිරීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක්…

    Read More

    මැදගොඩ අභයතිස්ස හිමිගෙන් අනතුරු ඇඟවීමක්

    රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. “දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා. එහෙම අර්බුදයක් නැත්නම් හොඳයි. තිස් වසරක් මරාගත්තු…

    Read More

    තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

    10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමුකරන බවත් අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ඝනපූර්ණ සීනුව…

    Read More

    නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරේ

    නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි.

    Read More

    10වන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ

    10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාවය. බිමල් රත්නායක මහතා නව ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ය.

    Read More

    නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

    අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස පත් කරනු ලැබීය.

    Read More

    ගෑස් සිලින්ඩරේ ගිනි ගනී – රවීගේ නිවසට ආරක්ෂාව

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ. ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි.  ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී…

    Read More

    හැමෝම හොයන මන්ත්‍රී වැටුප – ඇත්තම කතාව මෙන්න

    මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවය. මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක් ද ඔවුන්ට…

    Read More