Headlines

    හිරුණිකා දැඩි තීරණයක් ගනී

    සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වෙයි. අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අදාළ ලිපිය පක්ෂයට යොමුකළ බවයි. තමා මෙම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා ව අපහසුතාවයට පත්කිරීමට නොවන බව ඇය පැවසුවාය. “පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තා රැස්වීම් ලංකාව පුරාම අරගෙන ගියා. දැන් මේක මගේ මැතිවරණය. මම…

    Read More

    දමිතා සජබ ජාතික ලැයිස්තු පුටුවක් ඉල්ලයි

    පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි. අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට…

    Read More

    දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව මහින්ද කියයි

    තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය. ප්‍රශ්නය – කොහොමද මැතිවරණ සුදානම ? “බොහෝම සුදානම්.” ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මොනවගේ ද? “ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා.” ප්‍රශ්නය – ඔබතුමා විශ්‍රාම ගැනීමක් ද ? තාවකාලික සමුගැනීමක් ද? “තාවකාලික… දේශපාලඥයෙක් විශ්‍රාම…

    Read More

    මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවය. මහ…

    Read More

    ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීම

    පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ  අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි. රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස…

    Read More

    මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීම අද හෝ හෙට

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය. එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතව…

    Read More

    අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම්…

    Read More

    ඉන්දීය දේශපාලනඥයෙක් ව ඝාතනය කෙරේ

    ඉන්දියාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාලක භාරතීය ජනතා පක්ෂය හා සම්බන්ධ දේශපාලනඥයෙක් වූ බාබා සිදික් ව ඔහුගේ පුත්‍රයාගේ දේශපාලන කාර්යාලය අසලදී වෙඩිතබා ඝාතනය කර තිබුණි. 66 හැවිරිදි සිදික් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයෙක් වන සිදික් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙකි….

    Read More

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදුකිරීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසන් සභාව සඳහන් පැවසුවේ අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ලබන 18 වන දින ඒ සඳහා අවස්ථාව හිමිවන බවය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප තැන්පත් තිබුණද ඉන්…

    Read More

    ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන්

    මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවය.  මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි. කෙසේ වෙතත් පසුගිය දා අවසන්…

    Read More